ක්‍රිකට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ඒකාබද්ධ යෝජනාව සම්මතයි
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරය පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමේ ඡන්දය (09)වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී ඇත.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.




