ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට නිකුත් කර ඇති ගැසට්ටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

කැබිනට් රැස්වීම (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එම කැබිනට් අනුකමිටුවේ සභාපති ලෙස අමාත්‍ය අලි සබ්‍රි පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස ටිරාන් අලස්,කාංචන විජේසේකර සහ මනූෂ නානායක්කාර යන මාතයවරුන් බවයි වාර්තා වන්නේ.

ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් හා කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වන අතර ජනාධිපතිවරයා මේ ගැන දැනුවත්ව ඇත්තේ මාධ්‍ය වාර්තා වලිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *