සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

අද (02) දින දිවයින පුරා විශ්වවිද්‍යාලවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි.

බදු ගැටලුව හා විශ්වවිද්‍යාලවලට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙය සිදු කරන බවට,එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කරයි.

විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සදහා සහභාගී වන බවට ද චාරුදත්ත ඉලංගසිංහ මහතා සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *