ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු අත්අඩංගුවට
 
                ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණ විය.
අත්අඩංගුවට ගත් සැකකරු 57 හැවිරිදි රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද(01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
                                            


