ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ

ඒ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවූ අවස්ථාවේදී මෙම පියවර ගෙන තිබිණ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම, ගුණාත්මක බවින් තොර ඖෂධ භාවිතය ,දත්ත මැකීයාම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ජාතික ඖෂධ නියාමන අධිකාරියට පාර්ශව රැසක් චෝදනා එල්ල විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමට පසුගියදා කටයුතු කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එවැනි අර්බුදකාරී තත්වයක් පවතින පසුබිමකය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *