උද්ධමනය ඔක්තෝබරයේ යලි ඉහළට

උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බව ජන සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළගොස් තිබේ.
ආහාර උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති අතර එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසය.