ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(28) සහ (29) අලුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් වලදී උතුරු මැද නාවික විධානය විසින් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු සමඟ මන්නාරමට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවර යාත්‍රා තුනක්ද, උතුරු නාවික විධානය විසින් ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සමඟ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ඩෙල්ෆ් දූපත ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා තලෙයිමන්නාරම තොටුපළට සහ කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂකවරුන් වෙත ඒවා භාරදීමට නියමිතය.

2023 වසරේ මේ දක්වා ඉන්දීය ධීවරයින් 174 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *