කුවේට් ගෘහ සේවයේ නීති විරෝධිව රැඳී සිටි 28ක් පිටුවහල් කරයි

කුවේටයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 35ක් මෙරටට

කුවේටයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 35ක් මෙරටට

කුවේට් රාජ්‍යයේ වීසා නැතිව දීර්ඝ කාලයක් නීති විරෝධි ලෙස රැඳී, එරට විවිධ ස්ථානවල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනකු එරටින් පිටුවහල් කර මෙරටට පසුගියදා (27) එවා තිබිණි.

නීති විරෝධිව කුවෙට්හි රැඳී සිටි මේ පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිට ඇති බවද සඳහන්ය. තානාපති කාර්යාලයීය නිලධාරීන් එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමඟ එක්ව කටයුතු කර මේ ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු කර තිබේ.

ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ ගෘහ සේවකයින් 04 දෙනෙකුද සිටි. මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භිණී කාන්තාවක් සිටියාය. මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුර, පොලොන්නරු දිස්ත්‍රික්වල පදිංචිකරුවෝ වූහ. කටුනායක ගුවන් තොටුපොළේදී මේ පිරිසට සිය ගම්බිම් බලා පිටත්ව යෑම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *