මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ලබා දෙයි

මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ

මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ

කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ (SAPP) මහ කන්නයේ අක්කර 40,000කට බඩඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම (20) සිට ආරම්භ කර ඇත.

ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොනරාගල දිස්ත්‍රික් තුනෙහි අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩඉරිඟු බීජ නොමිලයේ බෙදා දීම සිදු කෙරේ. බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වන විට ඇණවුම් කර ඇති අතර, ඒ යූරියා පොහොරද බඩඉරිඟු වගා කරන ගොවීන්ට නොමිලයේ බෙදා දීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් පිරිනමන මූල්‍ය ප්‍රතිපාදන යටතේ රු. මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු විහේෂයක් වන පැසිපික් ප්‍රභේදය ගොවීන්ට නොමිලයේ බෙදා දීම සිදු කෙරේ. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක මේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අඟුණකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් (20) සිදු කෙරිණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000කට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000කට ඉදිරි දින කිහිපය තුළ බඩඉරිඟු බීජ බෙදා දීමට SAPP ව්‍යාපෘතිය කටයුතු යොදා ඇත.

පසුගිය වර්ෂයේ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නැතිකම නිසා මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය අඩාළ වූ අතරම, එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගියේය. මේ නිසා ඉන්දියාවේ සිට බිත්තර ආනයනයටද රජයට සිදු විය. සත්ත්ව ආහාර හිඟය නිසා සත්ත්ව නිෂ්පාදන ගොවිපොළ රැසක් වැසී ගියේය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීමට අවශ්‍ය සත්ත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බඩඉරිඟු වගාව පුළුල් කිරීමට තීරණය කරනු ලැබීය. මෙවර මහ කන්නයේදී මේ ව්‍යාපෘතිය යටතේ පමණක් අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමට ඒ අනුව සැලසුම් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *