ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් නිවේදනයක්!

ගාසා තීරයේ යුද්ධය තවත් ඇවිලෙන බැවින් ඊජිප්තුවෙන් සහ ජෝර්දානයෙන් පිටව යන ලෙසටත්, වෙනත් කලාපීය රටවලට යාමෙන් වළකින ලෙසටත් ඊශ්‍රායලය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය සෙනසුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මොරොක්කෝවට තර්ජන මට්ටම “3” දක්වා ද, ඊජිප්තුව (සීනායි ඇතුළුව) සහ ජෝර්දානය සඳහා සංචාරක අනතුරු ඇඟවීම් 4වැනි මට්ටමට (ඉහළ තර්ජනයක්) මතු කරන බැවින් ඊශ්‍රායල ජනතාවට මෙම රටවලට නොයන ලෙසත් එහි රැඳී සිටින අයට හැකි ඉක්මනින් පිටව යන ලෙසටත් උපදෙස් දී ඇත.

එමෙන්ම තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඇතුළු අනෙකුත් අරාබි රටවල රැඳී සිටීමෙන් වළකින ලෙසටත් මැලේසියාව, බංගලිදේශය, ඉන්දුනීසියාව සහ මාලදිවයින ඇතුළු රටවලට ඊශ්‍රායල ජාතිකයන් සංචාරය නොකළ යුතු බවටත් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *