නව මහ කොමසාරිස්වරු 2ක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

0
රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

නව මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

ඒ අනුව, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න මහතා පත්කිරීමට සහ කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගෙතැන්න මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

එමෙන්ම, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන කරගොඩ පතිරන මහතා පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com