ගාසා තීරයට ආධාර දීමට පමණක් රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟවෙයි

FILE PHOTO: Trucks carrying humanitarian aid from Egyptian NGOs for Palestinians, wait for the reopening of the Rafah crossing at the Egyptian side, to enter Gaza, amid the ongoing conflict between Israel and the Palestinian Islamist group Hamas, in Rafah, Egypt October 17, 2023. REUTERS/Stringer/File Photo

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවකින් පසුව ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපති එකඟ වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන එකම පිවිසුම මෙය බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හමුවේ අනෙකුත් සියලුම දේශ සීමා පිවිසුම් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළේ ය.

පසුගිය දින කිහිපය පුරාම ගාසා තීරයේ පුද්ගලයින් දහස් ගණනක් ගාසා – ඊජිප්තු දේශ සීමාව අසළට රැස්ව තිබෙන්නේ ඊශ්‍රායල හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයෙන් පිටවීමේ අරමුණිනි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ ආධාර ට්‍රක් රථ 20 ලබා දීමට රෆා පිවිසුම විවෘත කිරීම එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වනු ඇත.

මේ අතර පලස්තීන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ පවසන්නේ, මේ වනවිට වේගයෙන් සිය සැපයුම් අඩු වෙමින් පවතින අතර ජාත්‍යන්තර ආධාර ආයතන පවසන්නේ ආධාර කඩිනමින් අවශ්‍යව ඇති බවයි.

මේ අතර ගාසා අහ්ලි අරාබ් රෝහලට එල්ල වූ ප්‍රහාරය මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන රැසක් විවේචනය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *