අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි
විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඇතුළුව අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති වැඩබලන ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා එම සේවාවලට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමිනුයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.