ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35ක් ලොව ඉහළම විද්‍යාඥයන් ලැයිස්තුවට

ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35ක් ලොව ඉහළම විද්‍යාඥයන් ලැයිස්තුවට

ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35ක් ලොව ඉහළම විද්‍යාඥයන් ලැයිස්තුවට

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසින් ශ්‍රේණිගත කරනු ලබන ලොව ඉහළම විද්‍යාඥයන්ගේ 2023 ලයිස්තුවට ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනකු මෙවර ඇතුළත්ව සිටිති.

එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළිදක්වා තිබේ. මෙම ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගෙන් බහුතරය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ,

කොළඹ විශ්වවිද්‍යාලයේ රනිල් ජයවර්ධන,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ ජනක ඒකනායක,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ,

වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර,

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී රණසිංහ,

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේෂානී,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ධර්මරත්න,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා,

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සමන් සේනවීර,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනානායක ඒ.එම් කුලරත්න,

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්.ඒ.කේ.එල්. දිසානායක,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසංක සංජීව,

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන,

යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සතිපරන්,

මුණසිංහ සංවර්ධන ආයතනයේ මොහාන් මුණසිංහ,

කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඩී සිල්වා,

කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න,

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ,

යාපනය විශ්වවිද්‍යාලයේ රාජන් රාමසාමි,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ,

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙරාන් කේෂව එදිරිවීර,

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කමනි මෙන්ඩිස් ,

කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේෂ් දර්ශක ජයසේන,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ධනුෂ්ක උදයංග,

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාල් සුරවීර,

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කසුන් තාඹුගල,

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්.ආර් ඩබ්ලිව් ධර්මරත්න,

රජරට විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ,

කැලණිය විශ්වවිද්‍යාලයේ අසිත ද සිල්වා,

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සුරේෂ් බෙන්ජමින් සහ

කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද මහත්ම මහත්මීහු මෙම නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව ඉහළම විද්‍යාඥයන් අතරට තේරී පත්ව සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *