නිල සංචාරයක් සඳහා මැලේසියානු විදේශ කටයුතු ඇමැති මෙරටට

නිල සංචාරයක් සඳහා මැලේසියානු විදේශ කටයුතු ඇමැති මෙරටට

නිල සංචාරයක් සඳහා මැලේසියානු විදේශ කටයුතු ඇමැති මෙරටට

ශ්‍රී ලංකා – මැලේසියා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා මැලේසියානු විදේශ කටයුතු ඇමැති ආචාර්ය සැම්බ්‍රි අබ්දුල් කාදිර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

(08) මෙරටට පැමිණි මැලේසියානු විදේශ කටයුතු ඇමැතිවරයා එළඹෙන 12දා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර, එම කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මැලේසියානු විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු හා මධ්‍යම ආසියානු අංශයේ උප ලේකම් ඩාටො සයීඩ් මොහොමඩ් බක්‍රි, ප්‍රාදේශීය සහයෝගීතා අංශයේ උප ලේකම් අහමඩ් කම්රිෂමිල් සහ විදේශ ඇමැතිවරයාගේ විශේෂ නිලධාරී අබ්දිල්බාර් අබ් රෂීඩ් මහත්වරුද මේ සංචාරය සඳහා එක්ව සිටිති.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු විදේශ ඇමැතිවරයා ප්‍රමුඛ දූත කණ්ඩායම එළඹෙන 11දා කොළඹ දී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංවිධානයේ (IORA) 23වැනි විදේශ අමාත්‍යවරුන්ගේ සංවාදය සඳහාද එක්වීමට නියමිතව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *