නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම වලංගු හා නීත්‍යනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය නීතිවිරෝධී බවට මෝසමක්

ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය නීතිවිරෝධී බවට මෝසමක්

නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම වලංගු හා නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහි මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් මහතා විසින් යොමු කළ ලිපිය අභියෝගයට ලක් කරමින්, නසීර් අහමඩ් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කරමිනි.

ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා පැවසුවේ, ඔහු පක්ෂයෙන් ඉවත් කිරීම නිත්‍යනුකූල සහ වලංගු බවට විනිසුරුවන් තිදෙනා ඒකමතිකව තීරණය කළ බව.

“මේක ඓතිහාසික තීරණයක්.. අවුරුදු 20කට 25කට වගේ කාලයේ මෙවැනි නඩුවල තීන්දු ලබා දුන්නෙ අනෙක් පැත්තට”

මේ අතර නඩු තීන්දුවෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්, ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් මහතා පැවසුවේ, මින් පසු ඇමතිකම්වලට පක්ෂ මාරු දේශපාලනඥයින්ට මෙය හොඳ අවවාදයක් බවයි.

“ඇමතිකම් ලබාගෙන හිටපු එතුමාව පක්ෂයෙන් නෙපරන ලද මාගේ ලියුම සාධාරණයි, වලංගුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසිකයි. මොකද මින් පස්සෙ ඇමතිකම්වලට පක්ෂය මාරු වෙන අයට මේක ලොකු අවවාදයක්”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *