මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන ‘ඉමා’ STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන 'ඉමා' STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන 'ඉමා' STF අත්අඩංගුවට

ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඉමා නමැති තරුණිය අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව එඩේරමුල්ල පදිංචි 27 හැවිරිදි තරුණියෙකි. ඇය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයා ගෙන ති‌බෙයි.

කළණ නැමැත්තා ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු බවද සඳහන් වෙයි.

ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ කළණ නැමැත්තාගේ උපදෙස් පරිදි පසුගිය ජුලි මස 14වනදා දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබීමට හා අගෝස්තු 12 වනදා මීගමුවේ සිදු කළ වෙඩි තැබීමට අවශ්‍ය ගිනි අවිය ඇය රැගෙන ගොස් ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *