2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
එමෙන්ම මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.





