මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම පිළිබඳව පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම පිළිබඳව පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම පිළිබඳව පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එ පිළිබඳ පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නයි රජයෙන් ඉල්ලා සිටි.

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින අධිකරණ සේවකයන්, විනිසුරුවරුන්ට බියෙන් සැකෙන් තොරව සිය රාජකාරිය කිරීමට හැකි පරිසරයක් තිබිය යුතු බව තරයේ විශ්වාස කරන්නේ යැයි සඳහන් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇතැයි කියන තර්ජනයෙ සත්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීම ඉතා වැදගත් බවද අවධාරණය කොට සිටි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගෙ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක ඒසෙ සඳහන් කොට ඇත.

අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන මෙවන් සිද්ධීන් හේතුවෙන් නීතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු කරන බවද මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය හේතුවෙන් අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතුවන බවද පෙන්වා දෙන ශ්‍රී ලංකා නීති නීතිඥ සංගමය අධිකරණ නිලධාරීන් සහ විනිසුරුවරුන්ට එල්ලවන ඕනෑම ආකාරයක තර්ජනයක්, ප්‍රචණ්ඩත්වයක්, පිළිකුලෙන් යුතුව දැඩිව හෙළා දකින බවද සඳහන් කොට ඇත.

නීතියේ ආධිපත්‍ය මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරන නීතිඥ සංගමය මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *