දරිද්‍රතාවය පිටු දැකීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්

0
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මත වේ

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මත වේ

දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ අතර දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක් කරන්නැයි එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව කාරක සභාවේ සභාපති දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 19 වැනිදා රැස්විය. ඉහත නියෝග කෙරුණේ එම රැස්වීමේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed