ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි

ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි

ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය 23වන දින ඔහු විසින් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

තමාට එල්ල වන තර්ජන හේතුවෙන් මතුවී ඇති ආතතිය මත ඉල්ලා අස්වීමට තීරණය කළ බව අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

මුලතිව් ප්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදුවූ සංවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබාදී තිබුණි.

මේ අතර අදාළ මහෙස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමෙන් පසු විදෙස්ගතවී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *