කොරියානු රැකියා අයදුම්පත් නිකුත් කිරීම

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් දින 03ක් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

ඒ් අනුව කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම් පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට පියවර ගෙන ඇත.

කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lkහි පළකර ඇති අතර, මෙම වසරේ නොවැම්බර් මාසයේදී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාලව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වෙන අතර, දකුණු කොරියාවේ වසර 4 මාස 10ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කළ හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *