පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

0
පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් යොදා ගැනීමෙන් සිදු වන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කරයි.

කොළඹ දී (20) කතෝලික සභාව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිරිල් ගාමිණී පියතුමන් ඒ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් (19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයාද එක් ව සිටියේය.

එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරීන්ද කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව (20) ශ්‍රී ලංකා කතෝලික සභාවේ විවේචනයට ලක් විය.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය දැනගැනීමට නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com