2023 ගතවූ කාලයේදී වෙඩි තැබීම් 75කින් 42ක් මියගොස්

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27කින් පුද්ගලයින් 22ක් මරුට
මෙම වසරේ ගතවූ කාලයේදී දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් හැත්තෑපහකින් පුද්ගලයින් හතළිස් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කළේය.
තවද ඉන් තුවාල ලැබූ පුද්ගලයන් තිස්තුන්දෙනකු රෝහල් ගත කර ඇතැයි ද ඒ මහතා පැවසීය. මෙම වර්ෂයේ මුල් මාස කිහිපයේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදා ගත් වාහනද පොලිසිය බාරයට ගෙන තිබේ.