ලංවිමේ ඉංජිනේරුවන් 100ක් රට හැර ගොස්; තවත් 100ක් අවසර ඉල්ලයි

ඉංජිනේරුවන්ගෙන් 20%ක් පමණ රට හැරගොස් - ලංකා විදුලිබල මණ්ඩලය
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් සියදෙනෙකු මේ වන විටත් විදෙස් ගත වී ඇති අතර, තවත් සියදෙනෙකු විදෙස්ගත වීම සඳහා අවසර ඉල්ලා ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් දෙදහස් පන්සිය දෙනකු ඉන් ඉවත් වී ඇත. විදෙස්ගත වී සිටින ඉංජිනේරුවන් සහ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඉංජිනේරුවන් විදුලිබල මණ්ඩලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද වේ.