නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර

නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර

නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර

නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ගතවූ මාස 12ක කාලය තුළ නවක වධ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිසුන් 57දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බවය.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ගත වූ මාස 12 තුළ දී අපිට වාර්තා වෙලා තියෙනවා, නවක වධය හෝ ඒහා සමාන සිදුවීම් 36ක්. නවක වධයට හෝ වෙනත් මෙවැනි කාරණාවලට සම්බන්ධව පන්ති තහනමට ලක්ව ඉන්නවා සිසුන් 57 දෙනෙක්. මාස 8ක පමණ කාලයක් තිස්සේ, අපි කතිකා කර සමාජ, ව්‍යුහාත්මක, දේශපාලනික, කළමනාකරණ යන කෝණ කිහිපයකින් බලලා නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටෙව්වා. නීති සම්පාදනය කරන්න රජයට පුළුවන්. රජයට පුළුවන් තියෙන සියලුම සම්පත් පාවිච්චි කර ව්‍යුහාත්මක ආයතන පිහිටුවන්න. නමුත් මෙහි අවසන් වගකීම තියෙන්නේ, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට සහ උපකුලපතිතුමාට. අපි දන්නවා මේ පිළිකාව වර්ධනය වෙලා තියෙන තරම කොච්චර ද කිව්වොත් විශ්වවිද්‍යාලය තුළම සේවය කරන හිටපු උප කුලපතිවරයෙක්ට පහර දුන්නා. දවල් ආහාරය ගන්න වෙනත් පීඨයක ආපනශාලාවට පැමිණි සිසුවියන්ට පහර දුන්නා. අපි ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි. බුද්ධිමය සමූහයක් ලෙස අපි ලැජ්ජා විය යුතුයි. තමන්ගේ ප්‍රචණ්ඩත්වය තම මූලධර්මය ලෙස පිළිගත් පක්ෂ මේ නවක වධය දිගටම කරන බවට ඕනෑවට වඩා සාක්ෂි තියෙනවා. ජනාධිපතිතුමා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමති තුමා සහ අගමැතිතුමා ඇතුළු සියලුදෙනා කැපවී සිටිනවා මේ අබෞද්ධ, අසිංහල ශිෂ්ටාචාරයෙන් තොර වූ මෙම ක්‍රියාවලිය නැවැත්විය යුතුයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *