25වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් රැදවියන් 933කට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් 779කට ජනාධිපති සමාව

අලුත් අවුරුද්ද වෙනුවෙන් 779කට ජනාධිපති සමාව

2023.09.12 වන දිනට යෙදී තිබූ 25වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් හට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර තිබෙනවා.

ඒ අනුව, පහත සදහන් නියමයන් හා කොන්දේසි මත සිරකරුවන් සදහා මෙම පොදු සමාවක් ප්‍රදානය කර ඇත.

• 2023.09.12 දින වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 01 සමාවක් ලබා දීම.

• දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

• 2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඩුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති,වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිර කරුවන්ගෙ දඩු‍වමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

• 2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියමකර, එම දඩුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකල දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

• 2023.09.12 දින වන විට මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරද කරුවන් කර එ් සදහා (දඬ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිළධාරියෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම.

ඉහත කරුණු වලට අදාළව සුදුසුකම් ලබා ඇති සියලූම සිරකරුවන් හට අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රධානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවන අතර, ඊට සුදුසුකම් ලත් පිරිමි රැදවියන් 926ක්ද, කාන්තා රැදවියන් 07ක්ද ඇතුලුව සියල්ල 933ක් බන්ධනාගාර ආයතනයන් මගින් නිදහස් කිරීමට නියමිතවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *