වාහන ලියාපදිංචියේ දූෂන, වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රු. කෝටි 30 බදු ආදායමක් අහිමි වේ..

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර නිත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරන ලද වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට අය කර ගත හැකිව තිබූ රුපියල් කෝටි 12කට වැඩි වටිනා ආදායමක්ද වංචනිකව අවභාවිත කර ඇතැයි නිරීක්ෂණය වන බව එම වාර්තාවේ දැක්වේ.
මෝටර් රථ සජ්ජිත කරන මුවාවෙන් නීති විරෝධීව ආනයනය කෙරුණු වාහන 27ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් පිළිබඳවද තොරතුරු අනාවරණය වි ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

පෙට්‍රල් මෝටර් රථයක් ඩීසල් මෝටර් රථයක් බවට පරිවර්තනය කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි අංකය පද්ධතියෙන් ඉවත් කළයුතු වුවත් අවස්ථා 130කදී පරිවර්තිත වාහනවල ලියාපදිංචි අංක දත්ත පද්ධතියෙන් ඉවත් කර නොතිබූ බව පවසන එම කාර්යාලය එන්ජින් අංකය සහ චැසි අංක යන දෙකම එකම අංකය ලෙස පරිගණක පද්ධතියට ඇතුළත් කර ඇති වාහන තුනක් අනීතිකව ලියාපදිංචි කර තිබූ බවද සඳහන් කළේය.

තවද දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති ලියාපදිංචි යතුරුපැදි 99ක චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක ඇතුළත් කර පැරණි දන්ත දත්ත පද්ධතියෙන් මකා දැමීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබූ බවද එම විගනන වාර්තාවේ තව දුරටත් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *