ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2023 සඳහා අයදුම්පත් කැඳවයි

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2023 සඳහා අයදුම්පත් කැඳවයි

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2023 සඳහා අයදුම්පත් කැඳවයි

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2023 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය‍වේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි මෙවර – 2023 අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ඔක්තෝබර් 11 දින බව ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මාධ්‍ය‍වේදීන්ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05ක් ඉක්මවා ගිය පසුව දෙවැනි ශිෂ්‍යත්ව අවස්ථාව සඳහා අයදුම් කළ හැකි බවද අමාත්‍යාංශය පවසයි.

ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් උපාධි හා පශ්චාත් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (රු. 200,000/=) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000/=) උපරිමයක මුදලක් ගෙවනු ලැබේ. ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලැබූ මාධ්‍ය‍වේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50%ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙස ගෙවනු ලබයි. ඉතිරි 50%න් 25%ක් දෙවැනි වාරිකය ලෙසත් ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතිකපත් ඉදිරිපත්නි නිකුත් කිරිමෙන් අනතුරුව ගෙවන බවත් අමාත්‍යාංශය පවසයි.

වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18 – 55 අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ඉල්ලුම් කරන පාඨමාලාව ඍජුවම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විය යුතුය අතර අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2023 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පතද ලබා තිබිය යුතුය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජන කර ශිෂ්‍යත්වලාභීන් ලෙස තෝරා ගනු ලබයි. මේ සඳහා අයදුම් කරන සියලු අයදුම්පත් ඔක්තෝබර් 11 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ, (මාධ්‍ය) ජනමාධ්‍ය අමාත්‍යාංශය අංක 163, ‘ඇසිදිසි මැඳුර’ කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බවද අමාත්‍යාංශය සඳහන් කරයි. වැඩි විස්තර, දුරකතන අංක 0112513645 / 0112514632 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *