රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සඳහා විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්

කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

කුලවද්දාගත් දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා අඛණ්ඩව උපරිම මාස 04ක කාලයක් සඳහා රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එම නිවාඩුව ඉල්ලුම් කිරීම සඳහා කුලවද්දාගත් දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු බවත්, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බවත් එම චක්‍රලේඛයේ තව දුරටත් සඳහන් වෙයි.

ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන් රජයේ ස්ථීර නිලධාරිනියකට නිවාඩු ලබාගැනීමට හැකියාව පවතින බවයි එමගින් දන්වා ඇත්තේ.

එලෙසම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ ස්ථීර නිලධාරියකු සඳහා කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් වැඩ කරන දින 03ක විශේෂ පිතෘත්ව නිවාඩුවක් ලබාගැනීමට ද හැකියාව පවතින බවයි.

එම චක්‍රලේඛය මේ වසරේ ජුනි මස 26 වැනි දින සිට ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *