බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් – සජිත් ප්‍රේමදාස

බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් - සජිත් ප්‍රේමදාස

බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් - සජිත් ප්‍රේමදාස

බාල බෙහෙත් භාවිතය හෙතුවෙන් මරණ 27ක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී (08)පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.සජිත් පේමදාස මහතා තව දුර‍ටත් මෙසේද සඳහන් කළේය.

“බාල බෙහෙත් වලින් මරණ සිදු වෙලා නැහැ කියලා ආණ්ඩුව කියනවා. මරණ විසි හතක් වෙලා තියෙනවා. ඇමතිතුමා කියාවි කෝ සාක්ෂි කියලා. කමිටුව එහෙම කියලා නැහැ කියලත් කියාවි. බලන්න කරල තියෙන කපටි කම. සටකපට කම. කමිටුවට කියලා තියෙන්නේ මෙම මරණ අසාත්මිකතාවය නිසා සිදුවූවක් ද කියලා හොයන්න විතරයි. පූර්ව නිගමනයකට ඇවිල්ලා කමිටුවේ වරම සීමා කරලා. වෛද්‍යවරුන් අද රට හැර යනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් අටසීයක් රට හැර ගොස් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් තවත් විශාල ප්‍රමාණයක් රට ගියා. විකිරණ තාක්ෂණවේදීන් සේවක අනුමත සංඛ්‍යාව 1100යි. නමුත් ඉන්නේ 700යි. කොළඹ මහ රෝහලේත් විදුලිය විසන්ධි කරන්න ලෑස්ති වුණා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *