පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට ගෞරව සම්මානයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට ගෞරව සම්මානයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට ගෞරව සම්මානයක්

මෙරට ශල්‍යකර්ම ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගෙන ඒම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි රාජකීය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය ගෞරව FRCS සම්මානයක් පිරිනැමීය.

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී 2023 සැප්තැම්බර් මස 05 වැනි දින පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී මෙම ගෞරවනීය සම්මානය මහාචාර්යවරයාට පිරිනමා ඇතැයි පේරාදෙණිය විශ්විවිද්‍යාල නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

සෑම වසරකම එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය සමාජයට විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ සඳහා දායකත්වය ලබා දුන් පුද්ගලයන්ට එවැනි ඇගයීම් ප්‍රදානය කරනු ලබයි.

ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රජාවට සදාකාලික බලපෑමක් ඇති කරමින් සෞඛ්‍ය සේවයේ දියුණුව විශේෂයෙන්ම ළමා ශල්‍ය බද්ධ කිරීම වෛද්‍ය අධ්‍යාපනය සහ නායකත්වය සඳහා ඔහු දැරූ දායකත්වය කැප කිරීම පිළිබඳ මහාචාර්ය ළමාවංශ මහතාට ලැබුණු කීර්තිමත් පිළිගැනීම මෙම උපාධිය ප්‍රදානයට හේතු වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *