2022 උසස් පෙළ ප්‍රතිඵල හා 2023 උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

0
උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එසේම මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහොම අමාරුවෙන් අපි වෙනදට වැඩිය කෙටි කාලයක් ඇතුළ දී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙනවා. ඊළඟ දින දෙක ඇතුළත දී ප්‍රතිඵල දේවි. හැබැයි ඊළඟ උසස්පෙළ විභාගය තියෙන දිනයත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක වෙනස් කිරීමේ කිසිම අදහසක් නැහැ. එහෙම වෙනස් කළොත් වෙන්නේ, අපි හිතමුකෝ උදහරණයක් වශයෙන් මාස දෙකක් විභාගය කල් දාන්න වුණා කියලා. ඒක මාස දෙකක් ගියපු ගමන් දෙසැම්බර් තියන්න බැරිනම් ආය යන්න වෙන්නේ මාර්තුවලට. මාර්තු අප්‍රේල් තියන්න තියෙන සාමාන්‍ය පෙළ විභාගය තියන්න වෙන්නේ තව මාස තුනක් පහු වෙලා. එතකොට ලබන අවුරුද්දේ සිලබස් කවර් කරන්න ගිහිල්ලා පාසල් වාර සටහනයි, විභාග කාල සටහනයි දෙකම කල් ගියොත් ආයෙත් ඊළඟ අවුරුද්දට යනවා ඊළඟ විභාග ටික. හැබැයි අපි සැලසුම් කරලා තියෙන්නේ ලබන අවුරුද්දේ මෙක අපි යථා තත්ත්වයට පත්කරන්න”.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com