සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනදායී ණය යෝජනා ක්‍රමයක්

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනදායී ණය යෝජනා ක්‍රමයක්

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනදායී ණය යෝජනා ක්‍රමයක්

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එය සැප්තැම්බර් 1 වනදා සිට නොවැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව දෛනිකව ඇඹරුම් ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි, වී මෝල් හිමියන් වෙත මෙම ණය මුදල ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එක් වී මෝල් හිමියෙකු සඳහා 16%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව මෙම ණය මුදල ලබා ගත හැකියි.

ඉන් 12%ක පොලී අනුපාතයක් වී මෝල් හිමියන් විසින් දැරිය යුතු අතර ඉතිරි 04% සහනාධාරය වනු ඇති.
එසේම අදාළ ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *