ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් සිංගප්පූරුවේ ජනපති ධුරයට

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් සිංගප්පූරුවේ ජනපති ධුරයට

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් සිංගප්පූරුවේ ජනපති ධුරයට

සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තේරී පත්වී තිබෙනවා.

2011 වසරේ සිට 2019 වසර දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ Tharman Shanmugaratnam සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බව සඳහන්.

66 හැවිරිදි වියේ පසුවන ඔහු මීට පෙර මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති Tharman Shanmugaratnam හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වනවා.

සිංගප්පූරුවේ ජනාධිපතිවරණය සඳහා තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා යමින්, ඡන්ද 70.4ක ප්‍රතිශතයක් ලබාගෙන Tharman Shanmugaratnam සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *