හයිට් රාජ්‍යයෙන් ඉවත්වන්නැයි ඇමෙරිකානුවන්ට දැනුම් දෙයි
 
                හයිට් රාජ්‍යයෙන් ඉවත්වන්නැයි ඇමෙරිකානුවන්ට දැනුම් දෙයි
හයිට් රාජ්‍යයෙන් කඩිනමින් ඉවත්වන ලෙස ඇමෙරිකාව එරට රැඳී සිටින සිය ජනතාවට දැනුම් දී තිබෙනවා.
හයිටිය තුළ වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙනුයි මෙසේ ජනතාවට ඉවත්වීමට දැනුම් දී ඇත්තේ.
60 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විටත් යළි ඇමෙරිකාවට පැමිණ සිටිනවා.
සෙසු පිරිසද කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ඇමෙරිකා බලධාරීන් පවසන්නේ.
ලොව දිළිදුම රටක් ලෙස සැලකෙන හයිටි රාජ්‍ය මේ වන විට ප්රචණ්ඩ සිද්දීන් බහුල රටක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        