සේවා ගාස්තු සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් කෝටි 19ක පාඩුවක්

සේවා ගාස්තු සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් කෝටි 19ක පාඩුවක්

සේවා ගාස්තු සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් කෝටි 19ක පාඩුවක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය සේවා ගාස්තු කලට වේලාවට සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි 19කට ආසන්න ආදායමක් පසුගිය 2021 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙසේ අහිමිව ඇත්තේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික නිකුත් කිරීම, බලපත්‍ර ලබාදීම, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය, ඇසුරුම් කිරීම සඳහා අනුමැතිය, නියෝජිත ආයතන පැවරීම සඳහා අනුමැතිය, පරීක්ෂණ පැවැත්වීම සහ සපයනු ලබන අනෙකුත් සේවාවන් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුවලින් කොටසක් බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම සේවා වෙනුවෙන් අය කෙරෙන ගාස්තු අවසන් වරට සංශෝධනය කර තිබුණේ 2018 වර්ෂයේ ජනවාරි 5 වැනිදා බවත් 2021 වර්ෂයේදී ගාස්තු සමාලෝචනය කර අදාළ සංශෝධන භාණ්ඩාගාර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වුවත් අධිකාරියේ බලධාරීන් ඒ අනුව කටයුතු කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නිලධාරීන්ගේ අතපසුවීම් හා වෙනත් විවිධ ගැටළු හේතුවෙන් 2021 වර්ෂයේ අවස්ථා 18කදී ලක්ෂ දහ දහයකට වැඩි ආදායමක් විවිධ ආයතන වලට ආපසු ගෙවා තිබූ බව වාර්තාවේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *