නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 12ක් දක්වා පහත බැසලා

නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 12ක් දක්වා පහත බැසලා

නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 12ක් දක්වා පහත බැසලා

නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12ක් දක්වා පහත බැස ඇති බවත් ඉදිරි දිනවලදී සැළකිය යුතු වාර්ෂාවක් නොලැබුණ හොත් තවත් සති තුනක් පමණක් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් (28) පැවසීය.

විදුලිබල මණ්ඩලය සතුව පවතින ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය සියයට 12ක් දක්වා පහත වැටීම හේතුවෙන් තාප බාලාගාරවලින් සියයට 66ක් සහ සූර්ය සහ සුළං බලයෙන් සියයට 11ක් පමණ විදුලිය නිෂ්පාදනය කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 90ක පමණ අමතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.

පසුගිය වසරේ අගෝස්තු මස ජල විදුලියෙන් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 58කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බවත් ඉදිරි දින කීපයේදී වැසි නොලැබුණහොත් තත්වය දරුණු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

සියලුම ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහළ ගොස් ඇති අතර අද පස්වරු වන විට සමනලවැව ජලාශයේ සියයට 0.9ක්, උඩවලව ජලාශයේ සියයට 0.6ක්, කාසල්රී ජලාශයේ සියයට 30ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 32ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 26.5ක් සහ මොරගහකන්ද ජලාශයේ සියයට 13.5ක් දක්වා සක්‍රීය ජල ධාරිතාව පහළ බැස ඇති බවත් පසුගි 19 වැනිදා සිට මොරගහකන්ද ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය අත්හිටුවා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *