ව්‍යාපාරික මොහොමඩ් ශ්‍යාම් ඝාතන නඩුවෙන් ශානි අබේසේකර ඇතුළු සිව්දෙනාම නිදහස්

ව්‍යාපාරික මොහොමඩ් ශ්‍යාම් ඝාතනයට වැරදි කරු වූ වාස් ගුණවර්ධනට එරෙහි නඩුවට අදාලව විමර්ශන කටයුතු මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සිව් දෙනා අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා එල්ල කරමින් පැවති නඩුවෙන් ඔවුන් සිව් දෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් (25)වැනි දා නිදොස්කොට නිදහස් කර තිබේ.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපති අධිකරණයට කළ දැනුම් දීමෙන් පසුවය.

අද නිදහස් කෙරුණු සෙසු පුද්ගලයින් වන්නේ පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස්, නිශාන්ත සිල්වා හා ආර් ප්‍රේමතිලක යන යන පිරිසය.

2020 වසරේ අගොස්තු මාසයේ මෙම නඩුව පවරනු ලැබුවේ අදාළ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *