මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිඹුලාවල STREET FOOD කඩහිමියන්ට රතු එලියක්

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් , කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස කඩහිමියන්ට දැනුම් දී තිබේ. එම කඩ මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත් අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බවත් එයට හේතු වී ඇතැයි වාර්තා වේ.

රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවත්, මීට පෙර ද මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන් බවත් සඳහන්ය.

එහිදී STREET FOOD කඩ මාර්ගයෙන් තරමක් පස්සට ගැනීමට එකඟතාවය ඇති වුවද සමහර කඩ තවමත් මාර්ගය අවහිර වන සේ අලෙවිසැල් පවත්වාගෙන යන අයුරු එම ස්ථානයේ දක්නට ලැබෙන බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවට සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *