පාස්කු කුමන්ත්‍රණය ගැන ආණ්ඩුවේ අලුත් මොළකාරයා ගොඩ බැසීම

ආණ්ඩුව විවිධ අවස්ථාවල අනුගමනය කරන උපක්‍රම හේතු කොට ගෙන වරින් වර රට තුළ ඇති වෙන ආගමික නොසන්සුන්තාවයන් මෑතකදී වැඩිවීම පිටුපස පවතින රහස කුමක් දැයි දැඩි විමසිල්ලක් සිවිල් සංවිධාන තුළ ඇති වී තිබේ.

විශේෂයෙන් ම, මහාචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළේ යැයි දක්වමින් පොතක් නිකුත් කිරීමත් සමඟ ආණ්ඩුව නව වටයකින් ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රවනතාවලට ඉඩ සලසා දෙන්නේ දැයි බරපතළ සැකයක් මතුවී ඇත. මේ පිළිබඳව විශ්ලේෂණාත්මක ප්‍රකට මාධ්‍යවේදීන් ගණනාවක්ම තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර තිබේ. රොහාන් ගුණරත්න දිනමිණ පුවත්පතට “පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නෙමෙයි“ යන සිරස්තලයෙන් පසුගිය 4 වෙනි දින වාර්තාවක් පළ කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ සෙවනේ සිටි සිංහල බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධාන කිහිපයක ක්‍රියාකාරිකයින් නැවත සක්‍රියවීමට පටන් ගෙන තිබේ. ඊට සමාන්තරව බෞද්ධ නොවන සංවිධාන ගණනාවක් ද උතුරේ අන්තවාදී දමිළ දේශපාලන නායකයින් ද යළිත් වටයකින් කරළියට පැමිණ ඇති බව නිරීක්ෂණය වී ඇත.

-LT-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *