මැලෙසියානු උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලාංකික සිසුන්ටත්

EDUCATION MALAYSIA GLOBAL SERVICES ආයතනය හරහා මේ වනවිට මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ,මැලේසියානු අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සහ මැලේසියාව තුළ ශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන වරම් හිමිකර දීමයි.

ඒ අනුව 19වැනි දා දින උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කොළඹ මැන්ඩරීනා හෝටල් පරීශ්‍රයේදී ( EDUCATION MALAYSIA GLOBAL SERVICES ) මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත , මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09හි නිළධාරීන් විසින් උපදේශන වැඩමුළුවක් පැවැත්වෙමින් පවතී.

හෙට (20) දිනයේ මෙම අධ්‍යාපනික වැඩමුළුව නුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රෙයේදී උදෑසන 10 සිට පස්වරු 05 දක්වා පැවැත්වේ

මැලේසියානු උසස් අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන්හට මැලේසියානු උසස් අධ්‍යාපනය පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු මෙම වැඩමුළුව හා සම්බන්ධ වී ලබා ගත හැක.

EDUCATION MALAYSIA GLOBAL SERVICES යනු මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මැලේසියානු අධ්‍යාපනය ලෝකයට ගෙන යන ආයතනයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *