පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා යාල වැව් කෘතිමව පුරවයි

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා යාල වැව් කෘතිමව පුරවයි

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා යාල වැව් කෘතිමව පුරවයි

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයටද තදින් බලපෑම් එල්ල වි ඇති හෙයින් වන සතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට බවුසර් මගින් ජලය රැගෙන ගොස් කුඩා දිය කඩිතිවලට යෙදිම මේ දිනවල සිදු කරන බව වනජීවී නිළධාරීහු පවසති.

යාල ජාතික උද්‍යානය හරහා ගලා බසින මැණික් ගඟෙන් තිබෙන ජලය ලබාගෙන බවුසර් මගින් උද්‍යානයට ගෙන ගොස් වන සතුන්ට ජලය ලබා ගැනීමට හැකි ස්ථානවලට ගොස් ජලය මුදා හැරීම සිදු කරති.

සූර්ය බල විදුලි උත්පාදක මගින්ද ජලය පොම්ප කිරීම සිදුකර උද්‍යානය තුල සිඳී ගිය වැව්වලට ජලය සැපයීම සිදු කෙරේ.

යාල ජාතික වනෝද්‍යානයට මේ දිනවල දෙස් විදේ සංචාරකයින් වැඩි වශයෙන් පැමිනෙන හෙයින් වනසතුන් දැක බලා ගැනීම සඳහා සංචාරකයින්ට අවශය පහසුකම්ද නොඅඩුව සලසා තිබෙන අතර දෛනික අදායම ලක්ෂ අසූවකට වැඩි ප්‍රමානයක් ලැබෙන බව එහි උසස් නිළධාරියෙක් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *