චීනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර ශ්‍රී ලංකික මහාචාර්යවරු දෙදෙනකු

චීනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර ශ්‍රී ලංකික මහාචාර්යවරු දෙදෙනකු

චීනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර ශ්‍රී ලංකික මහාචාර්යවරු දෙදෙනකු

ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානය සහ 15වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මහාචාර්යවරු දෙදෙනකු සමත්ව ඇත.

චීනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර 11වැනි ස්ථානය හිමිකර ගැනීමට එරට හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා සමත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය මලික් පීරිස් මහතා චීනය තුළ 15 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

රිසර්ච්.කොම් වෙබ් අඩවිය සිදුකල ශ්‍රේණිගත කිරීමට එම විද්‍යාඥයන් චීනය තුළ හිමිකරගෙන සිටින ස්ථානය සහ ලෝකයේ හිමිකරගෙන සිටින ස්ථානය ඇතුළත් කර ඇත.

ඒ අනුව මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා චීනය තුළ 11 වැනි ස්ථානය හිමිකර ගනිද්දී ලෝකයේ සිටින ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතරින් 494 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.එසේම මහාචාර්ය මලික් පීරිස් මහතා චීනය තුළ 15 වැනි ස්ථානය හිමිකර ගනිද්දී ලෝකයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර 883 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා සහ මහාචාර්ය මලික් පීරිස් මහතා ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් 43737ක් අතරින් මෙම ස්ථාන දිනා සිටීම විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *