පෞද්ගලික විදුලි බලාගාර තුනකින් හදිසියේ විදුලිය මිලදී ගනී
CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ
පෞද්ගලික විදුලි බලාගාර තුනකින් හදිසි විදුලි මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. ඒ (07)වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.
රුපියල් බිලියන හතරක මුදලක් වැය කරමින් මාස හයක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ගෙන ආ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
ඇමැතිවරයාට මෙලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට වූයේ වලව කලාපයේ ගොවීන්ට ජලය නිකුත් කිරීම සඳහාය. ඒ සඳහා යෝජනා හතරක් ඇමැතිවරයා ඉදිරිපත් කර ඇත. එහිදී සමනල වැව ජලාශයෙන් (08)වැනි දා අලුයම තුනේ සිට වලව කලාපයේ ගොවිබ්ම්වලට ජලය නිකුත් කිරීමට සහ දකුණු පළාත ඇතුළු දිස්ත්‍රික්ක පහක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාවට ඇමැති මණ්ඩලය එකඟත්වය පළ කර තිබේ. අනෙක් යෝජනා තුනට එකඟ වී නොමැත.
ඒ අනුව වලව කලාපයේ ගොවීන්ට (08)වැනි දා සිට ජලය ලැබෙන අතරම, ජලය නිකුත් කිරීම ලබන 16 වැනිදා අවසන් කිරීමට ද සැලසුම් කර තිබේ.




