කොන්දොස්තරවරුන් නොමැති බස් රථයකින් දිනකට රු. 17,500ක් සොරකම් කරයි

0
අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටත් සැප්තැම්බරයේ සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටත් සැප්තැම්බරයේ සිට ආසන පටි අනිවාර්යයි

කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් දාහත්දහස් පන්සීයක් (රු. 17,500ක්) සොරකම් කිරීමේ ජාවාරමක් අල්ලාගනු ලැබූ බව ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙලෙස අල්ලාගනු ලැබුවේ ඇඹිලිපිටිය සිට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර බලා ධාවනය වන බස් රථ දෙකකි.

එම බස් රථවලට මගීන් නංවාගෙන ටිකට්පත් නිකුත් කර අධිවේගී මාර්ග පිවිසුම තෙක් කොන්දොස්තර පැමිණ එතැනදී මුදල් සහ ටිකට් පොත් භාරදී ඔහු සේවය නිම කරයි. එහෙත් මෙම වංචාව සිදුකර ඇත්තේ එලෙස ටිකට්පත් නිකුත් කිරීමේදී ලංගම ටිකට්පත් වෙනුවට හොර ටිකට් පොතකින් ව්‍යාජ ටිකට්පත් නිකුත් කර එම මුදල් සොරකම් කිරීම මගිනි. මෙලෙසෙ අල්ලාගනු ලැබූ ඇඹිලිපිටිය මාකුඹුර බස් රථයක මගීන් 24 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනකුට හොර ටිකට්පත් නිකුත් කර ගසාකන ලද මුදල රු. 17595/-ක් බව අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙලෙස අල්ලාගනු ලැබූ කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කර හොර ටිකට් ජාවාරම ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com