ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරයි

0
මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරෙන බව සඳහන්.

දේශීය සහ ගෝලීය වශයෙන් වත්මන් සර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳ මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com