කුකුළු මස් මිල 100කින් අඩු කිරීමට එකඟත්වය

කුකුළු මස් මිල ඉහළට

කුකුළු මස් මිල ඉහළට

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉලක්ක කරගනිමින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

දේශීය කුකුළු මස් නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටම දක්වා පැමිණ ඇති නිසා එම කර්මාන්තය ඉදිරියටත් රැකගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී ජනාධිපතිවරයා කුකුළු මස් මිල සම්බන්ධව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *