දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළට

දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළට

දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළට

දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ගබ්සා කිරීම්වලට බඳුන් වන වැඩිදෙනා අවිවාහක අය වෙති.

මේ අතර අයථා පිළිසිඳ ගැනීම් ඇතුළු එවැනි වැරැදි බොහොමයකට ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන හාදකම් ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

පසුගිය 2020 වසරේදී වාර්තා වූ මෙම වැරදි ප්‍රමාණය 34කි. එම වැරැදි ප්‍රමාණය 2021 වසරේදී 48 දක්වා සියයට 41 කින්ද 2022 වසරේදී 65ක් දක්වා සියයට 35කින්ද ක්‍රමිකව ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ දැක්වේ.

මේ අතර මෙම අපරාධ විසඳීමේ ප්‍රතිශතය 2021 වසරේදී සියයට 63කි. 2022 වසරේ එය සියයට 46 දක්වා පහළ ගොස් ඇතැයි එම මූලස්ථානය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *