2023 වර්ෂය තුළ පුරන් කුඹුරු අක්කර 6000ක් වගා කිරීමට සැළසුම්

2023 වර්ෂය තුළ පුරන් කුඹුරු අක්කර 6000ක් වගා කිරීමට සැළසුම්

2023 වර්ෂය තුළ පුරන් කුඹුරු අක්කර 6000ක් වගා කිරීමට සැළසුම්

2023 වර්ෂය තුළ මෙරට පුරන් කුඹුරුවලින් අක්කර 11,000ක් වගා කිරීමට ඉළක්ක කර ඇතැයිද, අඩු තරමින් මෙම ඉළක්කයෙන් අක්කර 6051ක් මෙම වසර තුළ වගා කිරීමට හැකි වනු ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ අක්කර 1075ක්, මධ්‍යම පළාත අක්කර 682, දකුණු පළාත අක්කර 1700ක්, උතුරු පළාතේ අක්කර 788ක්, වයඹ පළාතේ අක්කර 388ක්, ඌව පළාතේ බදුල්ල අක්කර 11ක්, හා සබරගමුව අක්කර 1403ක් වශයෙන් වගා කිරීමට සැළසුම් කර තිබේ.

මේ වනවිට රටපුරා පුරන් කුඹුරු අක්කර 40,000කට වැඩි ප්‍රමාණයක් වගා නොකර පවතින අතර ඉන් අක්කර 25,192ක් වී වගාව සඳහා යොදා ගත හැකිය. එමෙන්ම අක්කර 14,124ක් කෙටිකාලීන භෝග සඳහාත් උචිත මට්ටමක පවතී.

මෙම වසර තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩ පිළිවෙළ යටතේ වගා කෙරෙන අක්කරයක් සඳහා මුලික බිම් සකසා ගැනීමට රුපියල් 36,000ක මුල්‍ය සහනාධාරයක් ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයෙන් කළ ඉල්ලීමක් පරිදි 2023 පුරන් කුඹුරු වගා කිරීමේ වැඩ පිළිවෙළ යටතේ රුපියල් මිලියන 430ක මුදලක් ලබා දී තිබේ. පුරන් කුඹුරු වගා කිරීම යටතේ ඉදිරි කාලය තුළ සියලුම දිස්ත්‍රික්කවල ඇති පුරන් කුඹුරු වගා කිරීම සඳහා නෛතික වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම වගා නොකරන ඉඩම් රජයට පවරාගෙන වගා කිරීම සඳහා වෙනත් පාර්ශ්වයකට පවරා දීම සම්බන්ධවද මේ වනවිට අවධානය යොමු වී ඇතැයිද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *